Monday, May 21, 2018

උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවන් නොමිළයේ බෙදා දීම

"උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවන් නොමිළයේ බෙදා දීම" යටතේ අද වන විට ධර්ම පොත් 2000 ක් පමණත්, ඩීවීඩී තැටි 2200 ක් පමණත් නොමිළයේ තැපැල් මගින් බෙදා දීමට හැකි විය..
මෙම පොටෝවෙහි සඳහන් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුනු දේශනා සහිත ඩීවීඩී නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබට අවශ්‍ය ස්වාමීන් වහන්සේලාගේ නම් හෝ අදාළ අංක සටහන් කර 077-1716169 ට ඔබගේ පැහැදිලි නම හා ලිපිනයත් සමඟ කෙටි පණිවිඩයක්(SMS) යොමු කරන්න..


එමෙන්ම මෙම උතුම් වූ ධර්ම දාන පුණ්‍ය කර්මයන්ට සියළු ආකාරයෙන් දායක වූ ඔබ සියළු දෙනා විසින්ම මේ සියල්ල දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා..!!🌹
මේ පුණ්‍යකර්මයට සහභාගි වූ මා තරම්ම හෝ ඊටත් වැඩියෙන් ඔබ සියළු දෙනාම චිත්ත ප්‍රීතිය උපදවා ගනිත්වා..!!🌹
මේ සියළු කුසලයන් සඳහා මෙතෙක් කලක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සෘජුව හෝ වක්‍රව කවරම ආකාරයකින් උදව්වක් උපකාරයක් කළ සියළු දෙනාට මෙන්ම, සිතිවිල්ලකින් හෝ විරුද්ධත්වයක් නොදක්වා උපකාර කළ දැක බලා සතුටු උනු සියළු දෙනාද මේ පිං අනුමෝදන් වෙත්වා..! ඒ අයගේ ඥාති බන්ධු පරපුරද අනුමෝදන් වෙත්වා..!!🌹🌹
සියළු දෙනාම සංසාර දුකෙන් මිදෙත්වා..! සංසාර කතරින් මිදෙත්වා..! සංසාර බියෙන් මිදෙත්වා..! සංසාර ගින්නෙන් මිදෙත්වා..! අසාර වූ අනාථ වූ ලෙඩ දුක් බිය ජරා මරණ සහිත මෙම සංසාර නිරෝධයෙන් මේ ගෞතම සම්බුද්ධ සාශනයේදීම උතුම් නිවන් සුවයෙන්ම සැනසීම ලබත්වා..!!🌹🌹🌹

මෙම ධර්මදාන පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වයක් දැරීමට පින් සිතක් පහළ වන්නේ නම් 077-1716169 දුරකථන අංකයෙන් විමසත්වා..












































































No comments:

Post a Comment