බෞද්ධයාගේ අවසාන මෙන්ම එකම ප්‍රාර්ථනය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිවන් පසක් කර ගැනීමයි. මෙහිදී ප්‍රථමයෙන්ම චතුරාර්ය සත්‍ය දේශනාව ඇසිය යුතුය. සසර දුක සහ සසර පවත්නා බියකරු බව පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගත යුතුය. සසරට වැටෙන සත්ත්වයා විඳින දුක් ගැහැට පිළිබඳ අවබෝධයක් නැතිනම් සසර කළකිරීමක් ඇති නොවේ. එමෙන්ම සසරින් මිදීමේ උවමනාවක්ද කිසිවිටෙකත් ඇති නොවේ, එම නිසා ධර්ම මාර්ගයේ ගමන් කිරීමක්ද නැත්තේමය.
එම නිසාම සසරෙහි පවත්නා බියකරුබවත්, අකුසලයන්හි ඇති භයානක බවත්, ප්‍රමාදීව පව්කම් කොට සතර අපායට වැටෙන සත්ත්වයා විඳින දුක් ගැහැට පිළිබඳවත් සිල් සමාදන් වන උපාසක පින්වතුන්ට දැනුම ලබා දී අවබෝධයෙන්ම අප්‍රමාදීව සසර කළකිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින්ම මම මෙම පත්‍රිකාව සකස් කොට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්
වෙත ධර්ම දානයක් ලෙස බෙදා දීමට කටයුතු කරමි..
මා විසින් බෙදා දෙන
පත්‍රිකාවන්ට අනුග්‍රහය දක්වා කුසලයට සහභාගි වීමට කැමති කෙනෙකු වේ නම් මා
හට දන්වන්න. මෙය මුද්‍රණය කොට බෙදා දිය හැකි අයෙකු වේ නම් මෙය ගෙන වැඩි
වැඩියෙන් බෙදා දෙත්වා..!!(මෙම පත්‍රිකාවෙහි PDF, Word doc හෝ අවශ්‍ය නම් මා අමතන්න _0771716169)
Click here to go to my Facebook profile and message me