Wednesday, September 10, 2014

ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව සහ අට මහ කුසල්

උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් උතුම් රහත් ඵලයෙහි පිහිටුවීමට බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආදිත්ත පරියාය සූත්‍රයයි. පංච ඉන්ද්‍රියන්හි අනියත බවත් එම අනියත ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වේදනාවන්ට මුලාව සත්ත්වයා ඇලීම් ගැටීම් ඇති කරගනිමින් දුගතිගාමී වන ආකාරයත් මනාව දෙසූ බුදුන් වහන්සේ ශෘතවත් ආර්ය ශ්‍රාවකයා විසින් පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණු කෙරෙහි නොඇලී නොගැටී වාසය කරමින් සසරින් එතෙර වන ආකාරය තුන්බෑ ජටිලයන් වෙත දේශනා කර වදාළ සේක.
ඉන්ද්‍රියන්හි අනියත බව සහ ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා අරමුණු කෙරෙහි සැළකිය යුතු ආකාරය පිළිබඳව දැනුම ලබා දීමේ අරමුණින්ම මම මෙම පත්‍රිකාව සකස් කොට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත ධර්ම දානයක් ලෙස බෙදා දීමට කටයුතු කරමි.. මෙයට අට මහා කුසලයන් පිළිබඳ කොටසක්ද ඇතුළත් කළෙමි..
  මා විසින් බෙදා දෙන පත්‍රිකාවන්ට අනුග්‍රහය දක්වා කුසලයට සහභාගි වීමට කැමති කෙනෙකු වේ නම් මා හට දන්වන්න. මෙය මුද්‍රණය කොට බෙදා දිය හැකි අයෙකු වේ නම් මෙය ගෙන වැඩි වැඩියෙන් බෙදා දෙත්වා..!!
(මෙම පත්‍රිකාවෙහි PDF, Word doc හෝ අවශ්‍ය නම් මා අමතන්න _0771716169)
Click here to go to my Facebook profile and message me
















No comments:

Post a Comment