Monday, September 1, 2014

ඥානසම්ප්‍රයුක්තවම බුද්ධ වන්දනා කුසලය කරමු

මෙම පොත් පිංච මවිසින් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන්ගේ "පුණ්‍යෝපදේෂය" කෘතිය ආශ්‍රයෙන් සැකසූවකි. අද නොයෙක් ආකාරයේ පින්කම් කොතෙකුත් කරන්නා වූ බොහෝමයක් පින්වතුන් පින්කම් කළද ඒ පිළිබඳව මනා දැනුමකින් හා කර්ම කර්මඵල දන්නා නුවණින් යුතුව ඒවා සිදු නොකරයි. එසේ ගතානුගතිකව පින්කම් කරන නිසා ඔවුන්ට පිරෙන්නේ ඥානවිප්‍රයුක්ත වූ දුබල කුසල්ය, ඥානසම්ප්‍රයුක්ත වූ බලවත් කුසල් පිරීමට නම් මනා දැනුමක් ඇතිව අවබෝධයකින් පින්කම් කළ යුතුය. ඥානසම්ප්‍රයුක්ත බලවත් කුසල් සිදු කර ගැනීමට කැමතියන් වෙත ඒ දැනුම සුළු වෂයෙන් හෝ ලබා දීමේ අරමුණින්ම මම මෙම පත්‍රිකාව සකස් කොට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත ධර්ම දානයක් ලෙස බෙදා දීමට කටයුතු කරමි..
  මා විසින් බෙදා දෙන පත්‍රිකාවන්ට අනුග්‍රහය දක්වා කුසලයට සහභාගි වීමට කැමති කෙනෙකු වේ නම් මා හට දන්වන්න. මෙය මුද්‍රණය කොට බෙදා දිය හැකි අයෙකු වේ නම් මෙය ගෙන වැඩි වැඩියෙන් බෙදා දෙත්වා..!!
(මෙම පත්‍රිකාවෙහි PDF, Word doc හෝ අවශ්‍ය නම් මා අමතන්න _0771716169)
Click here to go to my Facebook profile and message me











No comments:

Post a Comment